Saturday, February 7, 2015

Android phone එකෙන් සිංහල subtitles සමඟ Films බලමු...



හුඟක් අය හොයන සහ අපෙන් ඉල්ලුව දෙයක් තමයි. මේ phone වලින් සිංහල උපසිරැසි එක්ක ෆිල්ම් බලන්නේ කොහොමද කියල. ඇත්තෙන්ම මේක හුඟක් සරල වැඩක් ඒත් බොහෝ අය දන්නේ නෑ. ඔන්න ඉතින් අද එයට පිළියමක් දෙන්න තමයි මම සූදානම් වෙන්නේ. 


හොදයි අපිට මේ වැඩේට ඕනෙ කරන දේවල් තමා මේ,



හරි මේ දෙක download කරගෙන දුරකථනයට දා ගෙන MX Player එක install කරගන්න. ඒ වගේම Font එක තියෙන්නෙ ZIP කරල නිසා එකත් unzip කරගන්න.

පසුව MX Player එක open කරගන්න. දැන් එහි Settings >> Subtitle >> Text යන window එකට යන්න. එවිට ඔබට මේ ආකාරයට තමා පේන්නෙ.


දැන් ඔයාලට උඩම තියන Font කියන තැන පේනව නේ. එතන click කර Select font folder යන්න. පසුව ඔයාලගෙ දුරකථනයෙන් අපි කලින් දාපු font එක හොයල දෙන්න.




හරි දැන් අපේ සැකසුම් කරල ඉවරයි. දැන් තියෙන්නෙ  දුරකතනයෙන් සිංහල උපසිරැසි සමඟ Films බලන එක තමා. (sub ගොනුව සහ video ගොනුව එකම folder එකේ සහ එකම නමින් තිබීම වැදගත් වෙනවා පරිගනකයේ භාවිතා වන ආකාරයටම)

No comments:

Post a Comment