Saturday, February 7, 2015

පිස්සු යක්කු තාම play කළේ නැද්ද ?



අසීමිත සිව් බලයක ජව පරාක්‍රමණය
- පිස්සු ක්කු ගේම් -

මෙය අපේ රටේ පරිගණක ක්‍රීඩා නිර්මාණය කරන හසිත චන්දන ජාගොඩගේ නිර්මාණයක්. (
hasithacj@gmail.com)


ඔහුගේ තුන්වෙනි පරිගණක ක්‍රීඩාව (පලවෙනි එක SLPL 2012, දෙක විලි. මේ ගේම් එක HTML 5 තාක්ෂණය භාවිතයෙන් තමයි නිර්මාණය කරල තියෙන්නේ. විශේෂත්වය තමයි මේක ඕනම OS එකක වැඩ කරනවා. computer, smart phone, Tablet PC කියල වෙනසක් නෑ. web browser එකක් තියෙනවනම් ගේම් එක ක්‍රියාකරනවා.

බලන්න හඳුන්වාදීමේ වීඩියෝව.


මේකට තේමාව වෙලා තියෙන්නේ අර යකුන්ගෙන් වැඩ ගත්ත්ට ගමරාලගේ කතා මාලාව. ඔන්න ඔය ගමරාලගේ නූතන පරම්පරාව තමයි ගේම් එකේ ඉන්නේ. ගමරාළගේ නූතන පරම්පරාව තමයි ගේම් එකේ ඉන්නේ. ගමරාලගේ ගෝඅයෝ හැටියට යක්කු 4ක් ඉන්නවා. ඒ ඒ යකුන්ට ආවේණික වූ බල 4කුත් තියෙනවා.


ප්‍රති ගුරත්වය - මේකෙන් ඕන දෙයක් පාකරන්න පුළුවන්.


කඨින කප්පාදුව - මේකෙන් ඕනේ දෙයක් කපන්න පුලුවන් ( කෙහෙල් කැන් , තැඹිලී වලු ,  CCTV)


දෘඩ වියුක්තනය - මේකෙන් ඕන දෙයක් උගුල්ලන්න පුලුවන්.


අහ්‍යන්තර මංමුළාව - මේකෙන් මිනිස්සුන්ව මුලා කරන්න පුලුවන්.


මෙහි ඔයාලට සෙල්ලම් කරන්න Levels 18 ක් තියෙනවා. මේ ලෙවෙල් 18 ත් ලස්සන ලස්සන දෙවල් තියෙනවා. CIA Agents ලා වගේ හොරකමේ යන්න, ට්‍රැක්ටරෙන් යන්න, හඳේ හොරකම් කරන්න , මුහුදේ Pirates වැඩ ඕන කෙනෙක්ට ගහන්න පුලුවන් වෙන්න විවිධ platform 3 ටම ගේම release කරල තියෙනවා.


පිස්සු යක්කු (FUNKY DEVILS) ඔබට ලබාදෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලේ. පහතින් පිවිස බාගත කරගන්න.

HD තිරය සහිත වින්ඩෝස් පරිගණක වලට

SD තිරය සහිත වින්ඩෝස් පරිගණක වලට
ඇන්ඩ්‍රොයිඩ් උපාංග සඳහා මෙතනින්

නිළ වෙබ් අඩවියෙන් බාගත කරගන්න අවශ්‍ය නම් මෙතනින් පිවිසෙන්න

No comments:

Post a Comment