Monday, February 9, 2015

පෙන් එකෙන් රැම් එකක් සාදමු



   

මම අද ඔයාලට පොඩි ට්‍රික් එකක් ගෙනාවා . මොකක්ද කියලා මාතෘකාවෙන්ම දකින්න ඇතිනේ .



එහෙනම් අපි බලමු කොහොමද පෙන්ඩ්‍රයිව් එකක් පාවිච්චි කරලා රැම් එකක් හදාගන්නේ කියලා . හැබැයි
මේ වැඩේ කරන්නනම් ඔයාගේ පරිගනකයේ වින්ඩෝස් 7 ස්ථාපනය කර තිබිය යුතුය .

එහෙනම් පහත පියවර අනුගමනය කරන්න .


 1. පළමුව පෙන්ඩ්‍රයිව් එක පරිගනකයට සම්බන්ද කරන්න .
 2. ඉන්පසු My Computer වෙත පිවිසෙන්න .
 3. දැන් ඔයාගේ පෙන්ඩ්‍රයිව් එක My Computer තුල පෙන්වනු ඇත . එය මත රයිට් ක්ලික් කර
    Properties යන්න .
 4. ඉන්පසු ඔයාට වින්ඩෝවක් දිස්වේ .එහි ඉහල ඇති ටැබ් අතරින් ReadyBoost ටැබ් එක ක්ලික් කරන්න .
 5. එහි ඇති බටන් අතරින් Use this device තෝරන්න .
 6. දැන් පෙන්ඩ්‍රයිව් එකෙන් ලබා දීමට කැමති ප්‍රමාණය තෝරා OK බටනය ක්ලික් කරන්න .

දැන් වැඩේ හරි . හරියට තේරුනේ නැත්නම් පහත ඇති ස්ක්‍රීන්ශොට් එක බලා දල අදහසක් ලබා ගන්න .


එහෙනම් අපි ගියා . මොකක් හරි අව්ලක් ආවොත් කමෙන්ට් කරන්න .ඔයාලගේ අදහසුත් පහලින් දාලා යමු .
 ( අදහස් පළ කිරීමට රෙජිස්ටර් වීමට අවශ්‍ය නොවේ )


ඔයාලගේ යාලුවන්ටත් දැන ගන්න Share කරන්න .

No comments:

Post a Comment